Saturday, April 20, 2024

General line - 0115112241

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපති හා අග‍්‍රාමාත්‍යවරයා කළ නිවේදන




කාන්තාවගේ අනන්‍යතාව සහ ආරක්‍ෂාව වෙනුවෙන් තවදුරටත් කි‍්‍රයාකළයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සංවර්ධන කි‍්‍රයාදායමයටද කාන්තාවන් වැඩි වශයෙන් දායක කර ගතයුතු බවයි.

දේශපාලන තීන්දු ගන්නා යාන්ත‍්‍රණ තුළ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ ශ‍්‍රම බලකායේ කාන්තා ප‍්‍රතිශතය තවදුරටත් වැඩි කිරීමට කටයුතු කළයුතු බවයි.

දකුණු ආසියාවේ සෙසු රටවල් සමග සැසදීමේදි ශී‍්‍ර ලංකාවේ කාන්තාවන්ට වැඩි නිදහසක් ලැබී තිබුණද ඔවුන්ගෙන් වැඩි පිරිසක් තවමත් ගෘහස්ථ කටයුතුවලට පමණක් සීමාවී සිටින බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව ගෘහණියක, මවක හෝ බිරිදක ලෙස පවුලේ සිය කාර්යභාරය ඉටුකරන අතරම සිය ශාරිරික, මානසික සහ අධ්‍යාත්මික ශක්තියෙන් සමාජ මෙහෙවරක් ඉටුකිරීමට කාන්තාවට ඇති අවස්ථාවද වැඩි කළයුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ.