Friday, March 29, 2024

General line - 0115112241

පත්වීම මදුරු මර්ධනයට - හැබැයි, ඩෙංගු මර්ධනයෙන් එළියට - මහජන සෞඛය ක්‍ෂේත‍්‍ර නිළධාරීන්ගේ ඇත්ත කතාව




මදුරුවන් මගින් බෝ වන රෝග මර්දනය කිරීම සදහා රාජ්‍ය සේවයට බදවාගෙන සිටින මහජන සෞඛ්‍ය ක්‍ෂේත‍්‍ර නිලධාරීන් ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් කර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

මහාජන සෞඛ්‍ය ක්‍ෂේත‍්‍ර නිලධාරි යන තනතුර පළමුවරට ඇති කෙරෙන්නේ මදුරුවන් මගින් බෝ වන බරවා සහ මැලේරියා යන රෝග මර්දනය කිරීම වෙනුවෙන්. 

එම රෝග සාර්ථකව මර්දනය කිරීමෙන් පසු මහජන  සෞඛ්‍ය ක්‍ෂේත‍්‍ර නිලධාරින් ඩෙංගු මර්දනය සදහාද අනියුක්ත කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැණුනා. 

එසේ තිබියදීත් තමන් ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් කර තිබීම පුදුමයට කරුණක් බවයි මහජන සෞඛ්‍ය ක්‍ෂේත‍්‍ර නිලධාරීන් පවසන්නේ. 

මහජන සෞඛ්‍ය ක්‍ෂේත‍්‍ර නිලධාරි තනතුර නවක කණ්ඩායමක්ද ඉකුත්දා බදවා ගැණුනා.  

එහෙත් ඩෙංගු රෝගය පිළිබඳ කරුණු ඔවුන්ගේ පුහුණුවේ විෂය නීර්දේශයෙන් පවා ඉකුත් කර තිබෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

මේ ඒ පිලිබඳ අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය ක්‍ෂේත‍්‍ර නිලධාරී ජයන්ත රණතුංග.