Saturday, April 20, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවට ඉන්දීය කි‍්‍රකට් පිළෙන් පාඩමක්




ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගය ජය ගනිමින් තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඉන්දියාව සමත්වී තිබෙනවා.

මෙම තරගය පැවැත්වුණේ ඉන්දියාවේ එම් චින්න ස්වාමි කී‍්‍රඩාංගණයේදීයි. 

ඉන්දිය කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 189 ක් ද දෙවන ඉනිම සදහා ලකුණු 274 ක් ද රැස්කර ගත්තා.

 ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිම ලකුණු 276 යි. ඒ අනුව තරගය ජය ගැනිම සදහා දෙවන ඉනිමේදී  ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 188 ක ඉලක්කයක් ලැබී තිබුණා.

එහෙත් සියලූ දෙනා දැවී ඔවුන්ට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 112 ක් පමණයි. දෙපිළ අතර මීළග ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 16 වනදා ආරම්භ වනවා.