Saturday, April 20, 2024

General line - 0115112241

බංග්ලාදේශයෙන් සාර්ථක ආරම්භයක් (UPDATE)




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී සාර්ථක ආරම්භයක් ලබා ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම අද (08) සමත් වුණා.

තරගයේ දෙවන දිනය නිමා වන විට පළමු ඉණිම ක‍්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 02 ක් දැවී ලකුණු 133 ක් ලබා සිටියා.

ඒ, ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට රැස් කළ ලකුණු 494 ට පිළිතුරු වශයෙන්.

තමීම් ඉක්බාල් සහ සෞම්‍ය සර්කාර් පළමු කඩුල්ලට ලකුණු 118 ක සබඳතාවක් ගොඩනැගුවා.

------------------------

ශ්‍රී ලංකාව පළමු ඉනිම අවසන් කරයි

(08-03-2017 14:35)

 

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවෙනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 494 ක් ලබා ගත්තා.

මෙහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 194ක්ද, අසේල ගුණරත්න ලකුණු 85ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 75ක්ද, දිල්රුවන් පෙරේරා ලකුණු 51ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී මෙහෙඩි හසන් මිරාස් ලකුණු 113ට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.