Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දුනීසියාව සමග ශ්‍රී ලංකාවට වැදගත් ගිවිසුම් ගැන සාකච්ඡා




ඉන්දුනීසියාවේ නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (08) එරට ජනාධිපති ජෝකෝ විඩඩෝ හමුවුණා.

වසර 40කට පසුව ඉන්දුනීසියාවේ නිළ සංචාරයක නිරත ප‍්‍රථම ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයා වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතායි.

ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් විචිත‍්‍රවත් පිළිගැනීමේ උත්සවයක් මර්ඬේකා මන්දිරයේදි සංවිධාන කර තිබුණා.

ජනාධිපතිවරයා මෙහිදී පිළිගැණුනේ ආචාර වෙඩි මුර 21ක හමුදා උත්තමාචාරයක් පිරිනමමින්.

මෙම හමුවේදි ආර්ථික සහ සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනිමට දෙරටේ නායකයින්ගේ පුළුල් අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ශ‍්‍රී ලංකාවේ නිළ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වෙත ආරාධනයක්ද සිදු කළා. 

ලබන මැයි මස ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය සඳහා ඉන්දුනීසියානු රජයේ නියෝජිතයෙකු සහභාගි කරවන  ලෙස ජනාධිපතිවරයා ඉල්ලිමක්ද සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.