Wednesday, April 24, 2024

General line - 0115112241

පෞද්ගලික බැංකුවක ආරක්ෂක කුටියේ පිපිරීමක්




ගලේවෙල නගරයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂිත මුර කුටියක අද (09) අලුයම 4.00 ට පමණ පිපිරීමක් සිදුව තිබෙනවා.

එම පිපිරීමෙන් එහි රැඳී සිටි ආරක්ෂක නිලධාරියෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ගලේවෙල බෙලිගමුවේ පදිංචි 49 හැවිරිදි  විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු මෙසේ තුවාල ලබා තිබෙනවා.

අත් බෝම්බයක් පිපිරීමකින් මෙය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ආරක්ෂිත කුටිය තුළදී සිදුවූ පිපිරිමක්ද නැතහොත්  පිටතින් කිසියම් අයෙකු විසින් දමාගැසූ අත්බෝම්බයක්ද යන්න පිළිබඳව ගලේවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.