Friday, April 19, 2024

General line - 0115112241

අනුර සේනානායක බලපෑම් කළ බව හෙළි කරයි




කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් කිරීමට අදාළ සිද්ධිය පිළිබඳව මුල් කාලයේ සිදු කළ විමර්ශනවලට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බලපැම් කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයාට ඒ පිළිබඳව  අද (09) දැනුම් දුන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ විමර්ශනවලට එවකට බස්නාහිර පළාත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි අනුර සේනානායක විමර්ශන නිළධාරියාට බලපැම් කර ඇති බවටයි මෙහිදි අනාවරණ වී ඇත්තේ.

මෙම අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිළධාරියෙකු ලෙස කටයුතු කළ ලුතිතන් කමාන්ඩර්  ධම්මික අමිල මාපා ලබන 23 වැනිදා දක්වා මෙහිදී යළි  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.