Thursday, April 25, 2024

General line - 0115112241

මවට පහරදී දියණිය ඝාතනය කළ හේතුව හෙළි වෙයි




දැරණියගල මාගල ප‍්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට ඉඩම් ආරවුලක් හේතු වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු ඊයේ (08) රාත‍්‍රියේ අත්අඩංගුවට ගැණුනේ ශ‍්‍රී පාද රක්ෂිතයේ සැඟවී සිටියදීයි.

ඉකුත් 07 වැනිදා සිදුවූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ‍ 20  හැවිරිදි තරුණයෙක්.

සැකකරු විසින් මවකට පහරදී ඇගේ වයස අවුරුදු 07 ක දැරියක්  සහ හතළිස් පස් හැවිරිදි ඥාති පුද්ගලයෙකු මෙලෙස කපාකොටා ඝාතනය කර තිබුණා.