Thursday, April 25, 2024

General line - 0115112241

බංග්ලාදේශය අසීරු අඩියක




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

සිය පළමු ඉණිම ක‍්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුළු 06 ක් දැවි ලකුුණු 213 ක් ලබා සිටියා.

ඒ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට රැස් කළ ලකුණු 494 ට පිිළිතුරු වශයෙන්. 

දිනයේ පළමු කඩුල්ල ලෙස සෞම්‍ය සර්කාර් ලකුණු 71 කට දැවී ගියා. ඒ, සුරංග ලක්මාල් යැවූ පන්දුවක් හමුවේයි.

ශකිබ් අල් හසන් ලකුණු 23 කට දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් වුණා. මහමුදුල්ලා ලකුණු 08 කට දැවි ගියේ ලහිරු කුමාර යැවූ පන්දුවක් හමුවේයි.

ලිංටන් දාස් ලකුණු 05 කට නායක රංගන හේරත් යැවූ පන්දුවක් හමුවේ දැවි ගියා. බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට ශ‍්‍රී ලංකා පළමු ඉණිමට වඩා ලකුණු 281 ක් පිටු පසින් සිටිනවා. තරගය පැවත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.