Thursday, April 25, 2024

General line - 0115112241

වංචනික වඳ සැත්කම් හෙළිදරව් කළ මාධ්‍යවේදියා පොලිසියට - බොදු බල සේනාවෙන් තවත් චෝදනා




බලහත්කාරයෙන් උපත් පාලන ක‍්‍රමයකට නතු වන්නැයි දඹුල්ල රෝහලේ මව්වරුන්ට සිදු කෙරුණු බලපෑම් පිළිබඳ තොරතුරු අනාවරණ කළ නෙත් නිවුස් දඹුල්ල වාර්තාකරු කාංචන කුමාරට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබෙනවා. ඒ, එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින්. 

බලහත්කාරයෙන් උපත් පාලන ක‍්‍රමයකට නතු වන්නැයි දඹුල්ල රෝහලේ මව්වරුන්ට සිදු කෙරුණු මෙම බලපෑම් පිළිබඳ නෙත් නිවුස් මෙන්ම නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනින්ද අනාවරණ කෙරුණා. එම අනාවරණයන්ටද බොදුබල සේනා සංවිධානය අද සිය කෘතඥතාව පල කළා.

දඹුල්ල රෝහලට පෙර කුරුණෑගල, මහනුවර සහ බදුල්ල යන මහ රෝහල්වලද බලහත්කාරයෙන් කාන්තාවන් උපත් පාලනයට නතු කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද අනාවරණ කළා.