Saturday, April 20, 2024

General line - 0115112241

බොරුවක් මාට්ටු වී බන්දුලට අවවාද




බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසමේ විනිසුරුවරුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධනට අද අවවාද කළා. ඒ, කොමිසමේ කටයුතුවලට අගතියක් වන කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙසටයි.

බැඳුම්කර කොමිසමට වාර්තාවක් යැවූ බව මාධ්‍ය හමුවක දී තමා පැවසූ කරුණු අසත්‍ය බවයි එහිදී බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා. 

ඉදිරියේ දී කොමිසමේ කටයුතුවලට ඒකාබද්ධ විපක්ෂය ලෙස පූර්ණ සහය ලබාදෙන බවයි මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.