Saturday, April 20, 2024

General line - 0115112241

අත සවිමත්..! ජනපති ශක්තිය ගැන කියයි




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය පිළිබඳ කිසිවෙකුත් අඩු තක්සේරුවක් ඇතිකර ගත යුතු නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ සංවිධාන කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයට අද එක්වෙමින්. 

බැඳුම්කර පරීක්ෂණ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පල කළා. බැඳුම්කර පරීක්ෂණයේ වැදගත්ම සාකෂිය ලබා දුන්නේ කාන්තාවක් බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණේ ෆේස්බුක් පිටුව එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණා.