Wednesday, April 24, 2024

General line - 0115112241

නියඟය නිසා වී මෙටි‍්‍රක් ටොන් පන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අහිමි වේ 




නියඟය හේතුවෙන් 2016 - 2017 මහ කන්නයේ දී රටේ සමස්ත අපේක්ෂිත වී අස්වැන්නෙන් මෙටි‍්‍රක් ටොන් පන් ලක්ෂ හතළිස් පන්දහස් හත්සිය දහහතක්  රටට අහිමි වී තිබෙනවා. 

වැඩි වශයෙන් වී අස්වැන්න නෙලා ගන්නා දිස්ත‍්‍රික්කවලින් රටට අහිමි වී ඇති වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් හාරලක්ෂ තිස්පන් දහස් තුන්සිය අනූවක්. 

මෙම කරුණු අනාවරණ වූයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලින්. 

2016 - 2017 මහ කන්නයේ දී අපේක්ෂිත සමස්ත වී අස්වැන්න මෙට්‍රික්  ටොන් දහඅට ලක්ෂ හැත්තෑ තුන් දහස් හත්සිය පනස් හයක්. 

එහෙත් නියඟය හේතුවෙන් අපේක්ෂා කළ හැක්කේ වී මෙටි‍්‍රක් ටොන් දහතුන් ලක්ෂ විසිඅට දහස් තිස්නවයක් පමණක් බවයි ගණන් බලා ඇත්තේ. 

නියඟය හේතුවෙන් වී අස්වැන්න අඩුවීම ඉදිරි කන්නයන්හි වගා කටයුතුවලට ද ඍජුවම බලපාන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. 

2017 යල කන්නය හා 2017 - 2018 මහ කන්නයේ වී වගා කටයුතු සඳහා අවශ්‍ය බිත්තර වී සොයා ගැනීමේ ගැටළුවට ද මුහුණපා ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.