Friday, March 29, 2024

General line - 0115112241

මානව හිමිකම් යෝජනාවලියට අදාළව උතුරේ විවාදයක් 




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියට අදාළ විශේෂ විවාදයක් පැවැත්වීමට උතුරු පළාත් සභාව තීරණය කර තිබෙනවා. 

විවාදය පැවැත්වෙන්නේ ලබන අඟහරුවාදායි. 

ඒ, අදාළ යෝජනාවලිය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතු බව පවසමින්. 

දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. 

ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්  වව්නියාවේ දී (11)හෙට පැවැත්වීමට ද නියමිතයි. 

ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ දී ඊයේ දිනයේ විවාදයක් පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ. 

එහෙත් එය මීළඟ  සභා වාරය දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා. 


ඒ අනුවයි ජිනීවා යෝජනාවලිය සම්බන්ධ පළාත් සභා විවාදය ලබන අඟහරුවාදා  පැවැත්වීමට පියවර ගෙන ඇත්තේ.