Saturday, April 20, 2024

General line - 0115112241

ලක්ෂ සියයක් පමණ වටිනා තවත් හෙරොයින් තොගයක් හසුවේ 




ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කිඹුලාඇලේ ගුණා නමැත්තාගේ ඥාතියෙකු හෙරොයින් කිලෝග‍්‍රෑම් එකක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මෝදර ගල්පල්ලිය ප‍්‍රදේශයේදීයි. 

සැකකරු කිඹුලාඇලේ ගුණා නමැත්තාගේ සොහොයුරියගේ පුත‍්‍රයා බවයි පැවසෙන්නේ.  

අද (10)අලූයම කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැණුනා. 

බලාචන්ද්‍රන් නමැති ඔහු කලක සිට හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ. 

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ සියයකට ආසන්නයි. 

සැකකරු සතුව තිබී රුපියල් හැට දහසක මුදලක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.