Tuesday, April 23, 2024

General line - 0115112241

වසර අග විභාගයෙන් ප‍්‍රායෝගික ගැටළු?




අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය මෙන්ම උසස් පෙළ විභාගය ද වසර අග පැවැත්වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ප‍්‍රායෝගික ගැටළු ඇතිවිය හැකි බව ගුරු සංගම් පවසනවා. 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ 2019 වසරේ සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග දෙකම වසර අග පැවැත්වීමට සැලසුම් ඇති බවයි.  

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක දී ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ ප‍්‍රධාන විභාග දෙකක් එකම කාල වකවානුවක දී පැවැත්වීමේ දී ගැටළු මතුවිය හැකි බවයි.