Thursday, April 25, 2024

General line - 0115112241

කැඩෙට් නිලධාරියාගේ සිරුර යළි ගොඩ ගැනීමේ තීරණයක් 




දියතලාව යුද හමුදා කඳවුරේ දී මීට වසර දෙකකට පමණ පෙර ගෙල වැළලාගෙන මියගිය බව පැවසුණු කැඩෙට් නිලධාරියාගේ මරණය පිළිබඳ  ඔහුගේ ඥාතීන් සැක පල කරනවා. 

ඒ, ඔහුගේ මල සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා ගොඩගැනීමට තීරණය කිරීමත් සමගයි. 

ලහිරු රංජන් ප‍්‍රනාන්දු නමැති මෙම කැඩෙට් නිලධාරියාගේ මළ සිරුර ලබන 13 වන යළි ගොඩගන්නා බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක දී එම කැඩෙට් නිලධාරියාගේ පවුලේ ඥාතියෙකු පැවසුවේ ඔහු ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගත් බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බවයි.

දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු වීමට වසර එක හමාරක පමණ කාලයක් ගතවීම හේතුවෙන් අදාළ පරීක්ෂණ කටයුතුවලට බාධාවක් විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 


මෙම කැඩෙට් නිලධාරියා දියතලාව යුද හමුදා කඳවුර තුළ දී මියගොස් තිබුණේ 2015 වසරේ ජූනි මාසයේදීයි. 

මෙය සියදිවි හානිකර ගැනීමක් බවට යුද හමුදාව ප‍්‍රකාශ කළ ද මෙහිදී අපරාධයක් සිදුව ඇති බවයි මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගයෙන් පසු බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය තීරණය කර තිබුණේ.