Thursday, April 18, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ නව සංක‍්‍රමණික තහනමට එරෙහිව ප‍්‍රාන්ත 05ක් 




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නව සංක‍්‍රමණික තහනමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වන එරට ප‍්‍රාන්ත ගණන 05ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මීට පෙර මෙම තහනම අභියෝගයට ලක් කළේ හවායි ප‍්‍රාන්තය පමණයි. 

ඒ අනුව වොෂින්ටන්, නිව්යෝර්ක්,  ඕර්ගන් හා මෙසචුසෙට්ස් යන ප‍්‍රාන්ත ද මේ වනවිට එම තීරණය සමග එක් වී තිබෙනවා. 

රටවල් හතක් ලෙස නම්කර තිබූ සංක‍්‍රමණික තහනම සංශෝධනය කරමින් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හයකට බලපැවැත්වෙන පරිදි නව තහනම පැනවීමටයි ට‍්‍රම්ප් ඉකුත්දා පියවර ගත්තේ. 

මාර්තු 16 වනදා සිට පැනවෙන මෙම නව විධායක නියෝගය දින අනූවකට බලපැවැත්වෙනු ඇති. 

මීට පෙර නිකුත් කළ නියෝගය අධිකරණය විසින් අත්හිටවනු ලැබුවා.