Thursday, April 18, 2024

General line - 0115112241

හොංකොන් දේශයේදී සංගක්කාර වේගවත් පිතිහරඹයක




හොංකොන් පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර නියෝජනය කළ ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද සමත් වුණා. 

ඒ, මිස්බා උල්හක් ගේ හොංකොන් අයිලන්ඞ් කණ්ඩායම කඩුළු 08කින් පරාජය කරමින්. 

මෙම තරගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ පන්දු 42කදී ලකුණු 70ක් රැස් කළා. ඒ, හයේ පහර 03ක් සහ හතරේ  පහර 07ක් සමගින්. 

පළමුවෙන් පන්දුවට පහර දුන් හොංකොන් අයිලන්ඞ් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 177ක් රැස් කළා. 

එම ඉලක්කය පන්දු වාර 19ක් අවසානයේ කඩුළු 02ක් පමණක් දැවී පසුකර යාමට ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.  තරගයේ  වීරයා කුමාර් සංගක්කාර.