Thursday, April 18, 2024

General line - 0115112241

බුලත් විටට දුම්කොළ තහනම්




දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය පවසනවා. 

එමගින් බුලත්විට සදහා යොදා ගන්නා දුම්කොළ ද තහනම් වනු ඇති. 

මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ඉතා කාලෝචිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ද දුම් රහිත දුම්කොළ නිෂ්පාදන බහුල වශයෙන් අලෙවි වන බව වෛද්‍ය නිලන්ත රත්නායක සදහන් කළා. 

මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීමේ ජාතික වැඩසටහන ලබන 20වනදා රත්නපුරයේ දී සිදු කරනවා. 

මෙවර එහි තේමාව වන්නේ  පිරිපුන් දිවියකට සුපසන් මුවක් යන්නයි.