Thursday, April 25, 2024

General line - 0115112241

පොලීස් ලොක්කෝ රැස්කට ස්ථාන මාරු




නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් ප්‍රධානීන් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිඛෙනවා. 

ඒ, පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. 

ඒ අනුව රත්නපුර හා කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කේ. එස්. බී. ආර්. ඩයස්, නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර තිඛෙනවා. 

ඉන් පුරප්පාඩු වන රත්නපුර හා කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්කර ඇත්තේ නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පී. මුණසිංහයි.

ජනාධිපති ආරක්ෂක දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එල් එෆ් ඒ ආර් ෙජ් සිල්වා එම ධුරයේ ස්ථීර කර තිඛෙනවා. 

ජනාධිපති ආරක්ෂක දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කේ පී එම් ගුණරත්න මාරුකර යවා ඇත්තේ ජනාධිපති ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති මෙහෙයුම් ලෙසයි. 

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට, පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට හා සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුටද ස්ථාන මාරුවීම් ලබාදී තිඛෙනවා. පොලිස් මූල්‍යස්ථානය ස`දහන් කළේ සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් ලබාදුන් බවයි.