Thursday, April 25, 2024

General line - 0115112241

බංගලියන් පරදා සිංහයෝ දැවැන්ත ජයක් ලබති




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 259 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

පළමු ඉනිම සදහා ශ්‍රී  ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 494 ක් ලබාගත්තා. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 194 ක් ලබාගත් අතර අසේල ගුණරත්න ලකුණු 85 ක් ලබාගත්තා. පළමු ඉනිම සදහා බංග්ලාදේශ කණ්ඩායමට ලබාගැනීමට හැකි වුයේ ලකුණු 312 ක් පමණයි. 

දෙවන ඉනිම සදහා  ශ්‍රී  ලංකා කණ්ඩායම ලකුණු 274 ක් රැස් කළා. කෙසේවෙතත් දෙවනි ඉනිම සදහා බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ සියලූ දෙනා දැවී ලකුණු 197 ක් පමණයි. 

තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් කී්‍රඩාංගණයේයි.