Friday, April 19, 2024

General line - 0115112241

ලෝකය දැවැන්ත මානව අර්බුදයක




1945 වසරෙන් පසුව මේ වනවිට ලෝකය දැවැන්ත මානව අර්බුදයකට මුහුණ පා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

 එම සංවිධානය පවසන්නේ මිලියන විස්සකට වැඩි පිරිසක් උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බවයි. 

ඒ අතරින් බහුතරය යේමනය, සෝමාලියාව, දකුණු සුඩානය සහ නයිජීරියානු වැසියන්. 

යේමනයේ මිලියන 14 යි දශම 01ක් ආහාර නොමැතිව පීඩා විදිනවා. 

දකුණු සුඩානය තුළ ආහාර නොමැතිව පීඩාව විදින සංඛ්‍යාව මිලියන 05කට ආසන්නයි. 

ආහාර අර්බුදය හේතුවෙන් මේ වසර තුළ පමණක් දරුවන් ලක්ෂ 14ක් පමණ මිය යනු ඇති බවටයි අනතුරු අගවා ඇත්තේ. 

රෝග පීඩා හේතුවෙන් සෑම මිනිත්තු දහයකටම වරක් යේමනයේ දරුවෙකු මියයන බවත්, ඔවුන්ගෙන් බහුතරය වයස අවුරුදු පහට අඩු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.