Thursday, April 25, 2024

General line - 0115112241

දෙමළ සන්ධානය ජිනීවා යෝජනාවලිය ක්‍රියාත්මක කළයුතු බවට යෝජනාවක් සම්මත කර ගනී




ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාවලිය ශි‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ප්‍ර‍මුඛ දෙමළ ජාතික සන්ධාන නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (11) පැවැත්වුණා. ඒ වව්නියාවේදීය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සියලූ යෝජනා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවට වූ යෝජනාවක් දෙමළ ජාතික සන්ධානය විසින් එහිදී සම්මත කර ගනු ලැබුවා. සාකච්ඡාවෙන් පසු දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  එම් ඒ සුමන්තිරන් මාධ්‍ය හමුවේ පැවසුවේ ශ්‍රී ලංකාව එම යෝජනා ක්‍රියාත්මක නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්විය යුතු බවට ද මෙහිදී යෝජනා වූ බවයි.