Friday, April 19, 2024

General line - 0115112241

මහ බැංකුවේ පැමිණිල්ල නිසා සමාගම් අධ්‍යක්ෂවරියකගෙන් රහස් පොලිසිය ප්‍ර‍ශ්න කරයි




ඇමෝටෙක් ඒ ජී පුද්ගලික සමාගම නමින් සැකකටයුතු ගිණුම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

අදාළ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ඇමෝටෙක් නමැති සමාගමේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන කාන්තාවගෙන් අපරාධ පරීක්ෂ ණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. ඒ අනුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක කාර්යාලය නිවේදනය කළේ.