Wednesday, April 24, 2024

General line - 0115112241

රට පුරා කළ පැය 05ක මෙහෙයුමෙන් 1141 දෙනෙක් පොලිසියට හසුවෙයි




පැය 05ක කාලයක් දිවයින පුරා සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකින් පුද්ගලයින් 1141 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතරට වරෙන්තුකරුවන්, අපරාධකරුවන්, පොලිසියට අවශ්‍යව සිටින පුද්ගලයින් මෙන්ම බීමත් රියැදුරන්ද ඇතුළත් වනවා.

පොලිස්පතිවරයාගේ ඍජු මෙහෙයවීමෙන්, ඊයේ (10) රාත්‍රී 11.00 සිට අද අළුයම 4.00 දක්වා දිවයින පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සඳහා පොලිස් නිලධාරීන් 11792ක් සහභාගී වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි නිවේදනයක් නිකුත්කරමින් පවසන්නෙ.