Saturday, April 20, 2024

General line - 0115112241

සටනට එන්නැයි සියලු වෘත්තීය සමිතිවලට දන්වයි




කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි පැවැත්වීම සතියකට එක් දිනකට සීමා කිරීමට ආණ්ඩුව උත්සහ දරන්නේ නම් ඊට එරෙහිව දැඩි පියවරක් ගන්නා බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.

එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ වැඩකරන ජනතාවගේ අයිතීන් යටපත් කිරීමට ආණ්ඩුව උත්සහ දරණ බවයි. 

ජන ජීවිතයට හා ආර්ථිකයට සිදුවන අහිතකර බලපෑම් සැලකිිල්ලට ගෙන කොළඹ නගරය ආශ‍්‍රිතව සිදු කෙරෙන උද්ඝෝෂණ හා විරෝධතා පෙලපාලි සතියකට එක් දිනකට සීමා කිරීමේ සූදානමක් පිළිබඳ ඇතැම් මාධ්‍ය ඊයේ (11) තොරතුරු වාර්තා කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව කියා සිටියා. 

වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීමේ ආණ්ඩුවේ උත්සහයට එරෙහිව පෙළගැසෙන්නැයි සියලු වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බවද උන්වහන්සේ මෙහිදී ප‍්‍රකාශ කළා.