Thursday, April 25, 2024

General line - 0115112241

රංගන ක්‍රිකට් දිවියේ ඉලක්කය හෙළි කරයි




වමත් දඟ පන්දු යවන්නේකු ලෙස කඩුලු 400 ක් දවා ගැනීම තම ක‍්‍රිකට් දිවියේ මීළඟ ඉලක්කය බව ශ‍්‍රී ලාංකා ක‍්‍රීඩක රංගන හේරත් පවසනවා.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රංගන මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් තම ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි රංගන මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "දැනට වසර 15 ක පමණ සිට මම පළමු පෙළ තරග ක්‍රීඩා කරලා තියෙනවා. මට ගොඩාක් සතුටුවෙන්න පුළුවන් කාරණාවක් තමයි මේ වෙනකම් කඩුලු 997 ක් ලබා ගැනීමට හැකි වීම. පළමු පෙළ තරගවල කඩුලු 1000 ක් ලබා ගන්න මට තවත් කඩුලු 03 ක් පමණයි අවශ්‍ය වන්නේ. ඒ ගැන හිතත්දිත් ලොකු සතුටක් දැනෙනවා." යනුවෙනි.