Friday, March 29, 2024

General line - 0115112241

‘‘කැළණි සැ රද වන්දනාව‘‘ දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේ පැවති ‘‘කැළණි සැ රද වන්දනාව‘‘ දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ රාත‍්‍රියේ අවසන් වුණා.

 කැලණි සෑ රද වන්දනාව සිදු කළේ පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන්ගේ වැඩමවීමෙන්.

දේවතා ආරාධනාව සහ ධර්ම දේශනාව පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් විසින් සිදු කරනු ලැබුවා.

ආශිර්වාද පිරිත් දේශනාව ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. 

මැදින් පුර පසළොස්වක පෝදා ශ්වේත පුජා වැඩසටහන ද ඊයේ පැවැත්වුණේ ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදියි. 

........................................................................

කැළණි සෑ රද වන්දනාව රාත්‍රියේ 

12-03-2017 18:28

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේ ‘‘කැළණි සෑ රද වන්දනාව‘‘ තව නොබෝ වේලාවකින් ආරම්භ වනවා. 


මැදින් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව  සංවිධාන කළ ශ්වේත පූජා වැඩසටහන ද  අද පැවැත්වුණේ ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ දීයි. 

....................................................................

පස්වරුවේ සුවිශේෂි පිංකම් රැසක්

12-03-2017 16:28

 

මැදින් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව  සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහන ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ දී දැන් පැවැත්වෙනවා. 

අද පස්වරුවේ සුවිශේෂි පිංකම් රැසක් ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.