Saturday, April 20, 2024

General line - 0115112241

"සුදුස්සා  චමල් " - අර්ජුන 




ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රිවරයා වෙනුවට පත්කිරීමට වඩාත් සුදුසු වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. 

ඔහු කියා සිටියේ ජ්‍යෙෂ්ඨයින් සිටියදී  ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රිවරයා පත් කිරීමෙන් කිසිදු පළක් අත් නොවන බවයි. 

පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගැනීමට සැම මන්ත‍්‍රීවරයෙකුම බැඳී  සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ උඩුගම්පොළ ප‍්‍රදේශයේ විහාරස්ථානයක  පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.