Tuesday, April 16, 2024

General line - 0115112241

සුඛෝපභෝගී බස් රථයක ගැටී පුද්ගලයින් තිස්හතර දෙනෙකු ජීවිතක්ෂයට - තවත් පිරිසකට තුවාල




සුඛෝපභෝගී බස් රථයක ගැටී පුද්ගලයින් තිස්හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් හයිටි රාජ්‍යයෙන් වාර්තා වනවා.

ජනාකීර්ණ ස්ථානයක දී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අවස්ථාවේ මාර්ගයේ සංගීත ප‍්‍රසංගයක් පැවැත්වෙමින් තිබුණා. 

සිද්ධියෙන් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.