Wednesday, April 24, 2024

General line - 0115112241

බංග්ලාදේශ පුහුණුකරු ශ‍්‍රී ලංකාව භාර ගැනීම කල් දමයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් පසුවුවද එවැනි තීරණයක් ගන්නේ 2019 වසරෙන් පසුව බව බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

ඒ දක්වා තමන් බංග්ලාදේශ කණ්ඩායම සමඟ රැදී සිටීම අනිවර්යෙන් සිදු කරන බවයි ඔහු ප‍්‍රකාශ කළේ. 

බංග්ලාදේශ කණ්ඩායම 1996 වසරේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම සිටි තත්වයට පත්කිරීම සිය අපේක්ෂාව බවද චන්දික හතුරුසිංහ ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අනිද්දා ආරම්භ වීමට නියමිතයි.