Thursday, April 25, 2024

General line - 0115112241

බැලුම්ගලින් හෙළි කළ නයි හාමුදුරුවන්ට වැඩ වරදියි




නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනින් හෙළි කළ කුලියාපිටියේ නයි හාමුදුරුවන් නමින් ප‍්‍රකට ශ‍්‍රමණවේෂධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක නියෝග කළේ.

ඇඹිලිපිටිය අනුක්කනේ විහාරස්ථානයේ ඇඹව විමලතිස්ස නමින් පෙනී සිටින මෙම ශ‍්‍රමණවේෂධාරියා සිදුකළ විවිධ අයථා කි‍්‍රයා සම්බන්ධයෙන් නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනින් ඉකුත් දා අනාවරණ කෙරුණා.

මත්පැන් පානය කරමින් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් සිදුකරමින් සැකකරු ජනතාව රවටා ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

දේවාලයක් ද පවත්වාගෙන යන ඔහු නාගයින් සිරුරේ ඔතා ගනිමින් සිදුකරන විවිධ කි‍්‍රයා හේතුවෙන් නයි හාමුදුරුවන් ලෙස ප‍්‍රකට වුණා.

සැකකරු බාලවයස්කරුවන් අපයෝජනය කර ඇති බවට ද තොරතුරු අනාවරණ වුණේ් නෙත් එෆ්.එම්. බැලූම්ගල ගවේෂණයේදීයි.

මෙම ශ‍්‍රමණවේෂධාරියාට එරෙහිව කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ ද මේ වන විටත් නඩු දෙකක් විභාග වෙමින් පවතිනවා.

ප‍්‍රදේශය අතහැර ගොස් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.

නයි හාමුදුරුවන් පිළිබඳ නෙත් එෆ්.එම්. බැලුම්ගල සිදුකළ ගවේෂණයට අදාළ වීඩියෝ පටය පහතින් දැක්වේ