Wednesday, April 24, 2024

General line - 0115112241

ආණ්ඩුව වැටෙනකම් බලං ඉන්න අයට ජනපති පිළිතුරු දෙයි




ආණ්ඩුව අද හෝ හෙට කඩා වැටෙනු ඇතැයි බලා සිටිය ද ආණ්ඩුව කඩා වැටීමට කිසිඳු ඉඩක් නොතබන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනතාව ලබා දුන් ජන වරම අනුව නියමිත ධුර කාලය තුළ රජයේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත‍්‍ර හා දීමනා පත‍්‍ර දසදහසක් ලබා දීම වෙනුවෙන් වැල්ලවාය මහජන ක‍්‍රීඩාංගණයේ අද (13) පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.