Friday, April 26, 2024

General line - 0115112241

බඹර කූඩු ඉවත් කිරීමට වතු කම්කරුවන්ට පුහුණුවක්(PHOTOS)




තේ වතු ආශ‍්‍රිතව බැඳ තිබෙන බඹර කූඩු විනාශ නොකර දුමාරයක් මගින් ඒවා ආරක්ෂිතව ඉවත් කිරීම පිළිබඳව මස්කෙළිය ප‍්‍රදේශයේ වතු කම්කරුවන්ට අද (17) විශේෂ පුහුණුවක් ලබාදුන්නා.

ඊට හේතු වූයේ අවස්ථා ගණනාවකදී බඹර ප‍්‍රහාරවලට ලක්වීමෙන් වතු කම්කරුවන් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කිරීමයි. ඒ සමගම වතු කම්කරුවන් පෙලඹී සිටියේ බඹර කූඩු ගිනි තබා විනාශ කිරීමටයි.

එහෙත් මෙම වැඩසටහන මගින් වතු කම්කරුවන් දැනුවත් කිරීම මෙන්ම බඹර කූඩු ආරක්ෂිතව ඉවත් කිරීම පිළිබඳ ප‍්‍රායෝගික පුහුණුවක් ද ලබාදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

traning www.nethfm.com1 traning www.nethfm.com2 traning www.nethfm.com3 traning www.nethfm.com4 traning www.nethfm.com5 traning www.nethfm.com6