Thursday, March 28, 2024

General line - 0115112241

බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයට හෙට තරගය අමරණීයයි




බංග්ලාදේශය සමග හෙට (15) පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා තම කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව ශී‍්‍ර ලංකා නායක රංගන හේරත් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ තරගය පැවැත්වෙන පී සරා  ඕවල් කී‍්‍රඩාංගණයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි. 

කණ්ඩායමේ මානසිකත්වය සම්බන්ධයෙන්ද රංගන හේරත් අදහස් පළ කළා. එහිදී ඔහු සඳහන් කළේ බංග්ලාදේශ කණ්ඩායම පිළිබඳව සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් මනා අවබෝධයකින් පසුවෙන බවයි.

බංග්ලාදේශ කණ්ඩායම හෙට සහභාගි වන්නේ ඉතිහාසයේ ඔවුන් සහභාගි වන සිය වන ටෙස්ට් කි‍්‍රකට් තරගයටයි.