Wednesday, April 24, 2024

General line - 0115112241

ඉතිහාසයට එක්වෙමින් බංග්ලාදේශය,  ශී‍්‍ර ලංකාව සමඟ අද තරග බිමට




ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (15) ආරම්භ වනවා. ඒ, කොළඹ පී සරා  ඕවල් කි‍්‍රඩාංගණයේදීයි. 

බංග්ලාදේශ කණ්ඩායමට අද තරගය කරුණු දෙකක් හේතුවෙන් වැදගත් වනවා. 

එක් කරුණක් වන්නේ මෙම තරගය ඉතිහාසයේ ඔවුන් සහභාගි වන සිය වන ටෙස්ට් කි‍්‍රකට් තරගය මෙය වීමයි. 

අනෙක් කරුණ වන්නේ තරගාවලිය ජය පරාජයෙන් තොරව නිම කර ගැනීමට නම් අද තරගය ජය ගැනීම බංග්ලාදේශයට අනිවාර්යවීමයි. 

අද පැවැත්වෙන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කිසිදු සංශෝධනයකින් තොරව සහභාගි වනු ඇති බවටයි වාර්තා වන්නේ. 

බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රබල පිතිකරුවෙකු වන මහමුදුල්ලා අද තරගයට කී‍්‍රඩා කරන්නේ නැහැ. 

අද තරගයේදී රංගන හේරත් තවත් කඩුලූ 3 ක් දවාගතහොත් කි‍්‍රකට් පිටියේ සියලූ තරගවලදී කඩුලූ දහසක් දවාගත් කී‍්‍රඩකයින් අතරට එක්වීමටද අවස්ථාවක් පවතිනවා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශී‍්‍ර ලංකාව ජයගත්තා.