Tuesday, April 16, 2024

General line - 0115112241

ජාතියේ අනාගතය උදෙසා වනප්‍රතිරෝපණ දැවැන්ත ව්‍යාපෘතියක් බ්ලූමවුන්ටන් අරඹයි!




දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන බ්ලූ මවුන්ටන් සමාගම හරිත ලංකාවක් තුල වඩා උසස් ජීවන තත්වයක් උදා කරලීම සඳහා වනප්‍රතිරෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ. වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුවත් සමග සිදු කරන මෙම ව්‍යාපෘතිය මගින් විල්පොත අක්කර 125 ක භූමි ප්‍රමාණයක් අවුරුදු 10ක කාලයක් පුරාවට වනප්‍රතිරෝපණය කිරීමට නියමිතයි.  මෙම ව්‍යාපෘතිය මගින් ලංකාවේ ජෛව විවිධත්වය සුරැකෙන අතර විල්පොත රක්ෂිතව ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු වීමද අපේක්ෂා කෙරේ. තවද මෙම ව්‍යාපෘතිය මගින් ලංකාවේ කාබන් සංචිත තිර කිරීමද සිදු වෙනු ලැබේ. එමගින් දේශගුණය වෙනස්වීම අවම වීම වැනි වැදගත් පරිසර හිතකාමී ප්‍රතිඵල ලබාගත හැකිවේ.