Tuesday, April 16, 2024

General line - 0115112241

බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ශී‍්‍ර ලංකා පළමු ඉනිම ඇරඹෙයි




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට සිය පළමු ඉනිම කී‍්‍රඩා කරනවා. 

මීට නොබෝ වේලාවකට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 22 ක් රැස්කර සිටියා. 

දිමුත් කරුණාරත්න රැස් කළේ ලකුණු 7 ක් පමණයි.  

නොදැවී පන්දුවට පහර දෙන උපුල් තරංග ලකුණු  6 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 4 ක් රැස්කර සිටිනවා. 

තරගය පැවැත්වෙන්නේ කොළඹ පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේයි.