Thursday, April 25, 2024

General line - 0115112241

දිනේෂ් චන්දිමාල්ගෙන් වාර්තාවක්




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.

දිනය නිමා වන විට පළමු ඉනිම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07ක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 238ක්.

ශ‍්‍රී ලංකා පළමු ඉනිමේ මුල් කඩුළු 03 ලකුණු 35ක් තුළ බිඳ හෙළීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

දිමුත් කරුණාරත්න ලකුණු හතකටත්, උපුල් තරංග ලකුණු 11කටත් දැවී ගියා. කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 05ක් පමණයි. 

නොදැවි පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 86ක්. නායක රංගන හේරත් නොදැවී ලකුණු 18 යි.

ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 34 බැගින් රැස් කළා.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 500ට වැඩි ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර හොඳම සාමාන්‍යයක් සහිත පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයට දිනේෂ් චන්දිමාල් පත්වී තිබෙනවා.

අද දිනයේදී චන්දිමාල් ක්‍රීඩා කරන තරගයත් සමගින් ඔහු බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග 6 ට ක්‍රීඩා කරමින් ලකුණු 526ක් රැස්කරගෙන තිබෙනවා. ඒ අනුව ඔහුගේ සාමාන්‍ය ලෙස 131.50 ක් ලෙස සටහන් වෙනවා.   


 

----------------------

චන්දිමාල් යළිත් ලකුණු අතරට

15-03-2017 14:10

 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 52ක් ලබා සිටිනවා. චන්දිමාල් සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 110කදීයි. ඒ, හතරේ පහර 03 ක් ද සමගයි. 

මීට නොබෝ වේලාවකට පෙර ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 05 කට ලකුණු 136 ක් ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 04 ලකුණු 70 ක් තුළ බිඳ වැටුණා.

ඉන් අනතුරුව පිටියේ එක් වූ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා 05 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සබඳතාවක් ගොඩ නැගුවා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේයි.