Wednesday, April 24, 2024

General line - 0115112241

මහින්දට පිළිතුරු දෙන්න මංගල කට අරියි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2017.03.13 වන දින  නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පිළිතුරු ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඉන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ අසත්‍ය, විකෘති කරන ලද හා සාවද්‍ය තොරතුරුවලින් ගහණ බවයි. එම ප‍්‍රකාශය තුළ පරස්පරතා රාශියක් තිබෙන බවත් සඳහන් කළා. 

හිටපු රාජ්‍ය නායකයෙකු වශයෙන් එතුමා සමාජය නොමග යැවීමට සිදු කරන ප‍්‍රකාශ නිසා වඩ වඩාත් සමාජ බෙදීම්, දුරස්වීම් ඇති විය හැකි බවත් පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන්  එතුමාගේ කරුණුවල ඇති වැදගත්කම සළකා ඒ ගැන සෘජු පිළිතුරක් ලබා දීමට තමා බලාපොරොත්තු වූ බවත් සඳහන් කරනවා. 

(එකී සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)