Friday, April 19, 2024

General line - 0115112241

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ඉල්ලා අස්වෙයි




අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති එස් මනෝහර් එම ධුරයෙන් ඉල්ලා අස් වි තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු ඉල්ලා අස් වී ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට පත් වී මාස 08ක් ඇතුළත ඔහු එම තනතුරෙන් ඉවත් වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් ඇතැම් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දීය ජාතිකයකු වන මනෝහර් ඉල්ලා අස්වීමට මූලිකම හේතුව වී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇතිවූ මත ගැටුමක් බවයි. 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වශයෙන්, වසර දෙකක කාලයක් සඳහා, පසුගිය වසරේදී වැඩ බාරගත් මනෝහර් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යූහය වෙනස් කිරීමට උත්සාහ කරමින් සිටියා.

මෙම නව ප්‍රතිපත්ති සකස් කර තිබුණේ ක්‍රිකට් ලෝකයේ මහ බලවතුන් තිදෙනා වන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයට හිමි වැඩිවාසි වෙනුවට සෑම සාමාජිකයකුටම සම්පත් සාධාරණව බෙදී යන ආකාරයෙනි.