Wednesday, April 24, 2024

General line - 0115112241

චන්දිමාල්ගේ සටන්කාමී ප්‍රහාරවලින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි (UPDATE)




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සියල්ලන් දැවී ලකුණු 338 ක් ලබා සිටියා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 138 ක් රැස් කළේ හතරේ පහර 10 ක් සහ එක් හයේ පහරක් සමගයි.

පන්දු 300 ක් පුරා ගොඩ නැගූ චන්දිමාල්ගේ ඉනිම නිමා වුණේ මෙහෙදි හසන් මිරාස්ගේ පන්දුවක් හමුවේයි.

චන්දිමාල් අද රැස් කළේ සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 8 වන ශතකයයි. අද දිනයේ දැවී ගිය අනෙක් පිතිකරුවා වූ නායක රංගන හේරත් ලකුණු 25 ක් රැස් කළා. මෙහිදි හසන් ලකුණු 75 කට කඩුලු 3 යි. 
 


 

--------------------------------------

දිනේෂ් චන්දිමාල්ගෙන් 100 ක්

16-03-2017 10:54

සිය අට වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

පන්දු 244 කදී රැස්කළ ඔහුගේ ශතකයට හතරේ පහර 06ක් ඇතුළත්.

අද දිනය ආරම්භ කරන විට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු හතක් බිඳ වැටී ලකුණු 238 ක් රැස් කරගෙන සිටියා.