Friday, March 29, 2024

General line - 0115112241

ඇමති රවී බන්දුලගෙන් බිලියන 02ක් වන්දි ඉල්ලයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධනගෙන් රුපියල් බිලියන 02ක වන්දියක් ඉල්ලා මුදල් අමාත්‍ය රවි කරුණානායක එන්තර වාසියක් යවා තිබෙනවා. 

මුදල් අමාත්‍යංශය පැවසුවේ රවි කරුණානායක අමාත්‍යවරයාගේ නීතිඥවරුන් මාර්ගයෙන් අද දිනයේදී අදාළ එන්තර  වාසිය බන්දුල ගුණර්ධන මන්ත‍්‍රීවරයා වෙත යොමු කළ බවයි. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධනට මාධ්‍ය ඉදිරියේ ව්‍යාජ තොරතුරු ප‍්‍රකාශ නොකරන ලෙස බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනපති කොමිසම අවවාද කර තිබුණා. 

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මාධයයට කළ ප‍්‍රකාශයකට එරෙහිව එවන ලද එන්තර වාසියකට පිළිතුරු වශයෙනුයි මුදල් අමාත්‍යවරයා මෙම නීතිමය ක‍්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ.