Tuesday, April 16, 2024

General line - 0115112241

නෞකාවේ සිටින ශ‍්‍රී ලාංකික නැවියන් බේරා ගැනිමට කප්පම් දිමට සූදානම්




සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් බව කියන නෞකාවේ සිටින ශ‍්‍රී ලාංකික නැවියන් අට දෙනා බේරා ගැනිමට අවශයනම් කප්පම් මුදල් වුවද ලබා දිමට සූදානම් බව අදාළ නැවෙහි ලියාපදිංචි සමාගම පවසනවා. 

එම සමාගමේ දේශිය නියෝජිත ටිරෝන් ප‍්‍රනාන්දු කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නෞකාවේ සිටි ශ‍්‍රී ලාංකික නැවියන් පස් දෙනෙකු සම්බන්ධයෙන් පමණක් තම සමාගම වගකියන බවයි.

එම නැවියන් පස් දෙනා තම සමාගම යටතේ ලියාපදිංචි වී ඇති බවත් සෙසු නැවියන් තිදෙනා එලෙස ලියාපදිංචි වී නොමැති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.