Wednesday, April 24, 2024

General line - 0115112241

ලසන්ත ඝාතනයට ඇල්ලූ බුද්ධි අංශ සැරයන් රිමාන්ඩ්




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා ලබන 27 වෙනිදා දක්වා අද (17) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඩ් ආබ්දීන් මහතාගේ නියෝගයකට අනුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප‍්‍රශ්න කෙරුණු සැකකරු මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද (17) ඉදිරිපත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. ‍

ලබන 27 වෙනිදා සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.