Thursday, April 25, 2024

General line - 0115112241

අධිචෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනෙකුට වසර දහ නවය හමාරක බරපතල වැඩ සහිත සිරදඩුවක්




එක්සත් ජාතික පක්‍ෂයේ අනුරාධපුර දිස්ති‍්‍රක් හිටපු කළමණාකරු වෛද්‍ය රාජා ජෝන්පුල්ලේගේ නිවසට, වෛද්‍ය මධ්‍යස්ථානයට හා කාර්යාලයට ගිනි තබා රුපියල් ලක්‍ෂ 500 ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනෙකුට අද වසර දහ නවය හමාරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කෙරුණා. 

ඒ, උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්නගේ නියෝගයක් අනුවයි. මෙලෙස දඩුවම් නියම වුයේ මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරයෙකු සහ තවත් අයෙකුටයි. 

සිරදඩුවමට අමතරව ඔවුන්ට රුපියල් විසි දහසක දඩ මුදලක්ද නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 6 ක බරපතල වැඩ සහිත සිරදඩුවමකටද ඔවුන් යටත් කෙරුණා.