Friday, April 19, 2024

General line - 0115112241

හමුදාව නිරායුධ කිරීම ගැන හිටපු ජනපති කනස්සල්ලෙන්.




උතුරු පළාතෙන් හමුදා කදවුරු ඉවත් කිරීමෙන් සහ යුද හමුදා සාමාජිකයන් නිරායුධ කිරීමෙන් නොහිතූ තත්ත්වයකට රට මුහුණ දෙමින් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට රටේ ආරක්‍ෂාව බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි. 

නිට්ටඹුව ප‍්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

එල් ටී ටී ඊ ඩයස් පෝරාව සහ ජාත්‍යන්තරය සතුටු කිරීමේ අරමුණින් රජය මෙලෙස කි‍්‍රයා කරන බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. 

ශී‍්‍ර ලාංකිකයන් අට දෙනෙකු සහිත නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගැනීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා. 

ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කළේ ඇවන්ගාර්ඞ් සමාගම සිය මුහුදු ආරක්‍ෂක කටයුතු සිදුකළේ නම් මෙවැනි තත්ත්වයන් ඇති නොවන බවයි.