Friday, March 29, 2024

General line - 0115112241

ඇමති අමරවීරට ජනපතිගෙන් ලොකු පුටුවක්




හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය වෙනුවෙන් උපරිම සේවයක් කළ හැකි අමාත්‍යාංශයක් මහින්ද අමරවීර අමාත්‍යවරයාට ලබාදීමට තමන් සූදානම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ ධීවර අමාත්‍යවරුන් තිදෙනෙකු මේ වනවිට තංගල්ල ආසනය නියෝජනය කරන බවයි. 

ධීවර කැබිනට් අමාත්‍යවරයා වන්නේ මහින්ද අමරවීරයි. 

රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලිප් වෙදආරච්චි සහ දකුණු පළාත් ධීවර අමාත්‍යවරයා ලෙස එච් ඩබ්ලිව් ගුණසේනත් කටයුතු කරනවා. 

ඔවුන් තිදෙනාම තංගල්ල ආසනය නියෝජනය කරන බැවින් මහින්ද අමරවීර අමාත්‍යවරයාට වෙනත් අමාත්‍යාංශයක් භාරදීමට හැකි බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සදහන් කළේ.

 හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ඉඩම් හිමිකම්පත් බෙදාදීම වෙනුවෙන් මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.