Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ පාසල්වලට මන්තී‍්‍රවරුන්ගෙන් යළිත් ලැයිස්තුවක්




බස්නාහිර පළාත් මන්තී‍්‍රවරුන්ගේ ලැයිස්තු මත ජනපි‍්‍රය පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ උත්සාහයක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා. 

එහි ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතේ තෝරාගත් ජනපි‍්‍රය පාසල් 21 ක පළමු ශ්‍රේණිය සදහා අමතර පන්තියක් එක්කර මන්තී‍්‍රවරුන්ගේ ලැයිස්තු මගින් සිසුන් ඇතුළත් කිරීමේ කි‍්‍රයාවලිය සිදුවන බවයි. 

මෙම කි‍්‍රයාවලිය හරහා දරුවන්ගේ සමබර අධ්‍යාපනයට බලපෑමක් වන බවත් එම නිසා ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග සදහා යොමුවන බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං අවධාරණය කළා.